Day: March 17, 2021

ඔස්ටේ්‍රලියාව හා පැපුවා නිව්ගිනියාව අතර ගුවන් ගමන් අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැපුවා නිව්ගිනියාවේ සිට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කල බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කරනවා. දැනට පැපුවා නිව්ගිනියාවේ සිට සෘජු ගුවන් ගමන් සිදුකෙරෙන්නේ කෙයාර්න්ස් දක්වා පමණක් වන අතර එයද මේ අනුව නතර කෙරෙනු ඇති. පැපුවා නිව් ගිනියාවේ මේ වනවිට කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම මීට හේතුව බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවකදී සඳහන් කලා. කෙසේවුවද අත්‍යවශ්‍ය සේවා සඳහා එරට සිට ඔස්ටේ්‍රලියාවට පැමිණෙන අයට මෙම තහනම අදාල වන්නේ

Read More »

සිඩ්නි Blacktown රෝහලේ මාස 24 ක් තුළ 06 වන බිළිඳු මරණයත් අභිරහසක්!

සිඩ්නි නුවර බ්ලැක් ටවුන් රෝහලේ මාතෘ ඒකකයේ අලුත උපන් බිළිඳෙකු හදිසියේ මිය යාම සම්බන්ධයෙන් විම්රශන ආරම්භ කර තිබෙනවා. මෙම මරණයත් සමග පසුගිය මාස 24 තුළ මෙම රෝහලේදී අලුත් උපන් බිළිඳෙකු මියගිය 06 වන අවස්ථාව බවවට එය පත්වනවා. මෙම බිළිඳු මරණය සම්බන්ධයෙන් කණගාටු වන බව බ්ලැක් ටවුන් රෝහල ප්‍රකාශ කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය මාස 24 පුරා මෙම රෝහලෙන් මේ අයුරින් බිළිඳුන් මිය යාම අභිරහසක් ලෙසටද ඇතැමුන් හඳුන්වා දී තිබුණා.

Read More »

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 25 යි

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 25 ක් සපිරෙනවා. 1996 වසරේ මාර්තු 17 වනදා ඔස්ටේ්‍රලියාවට එරෙහි අවසාන මහා තරගය පැවැත්වුණේ පකිස්ථානයේ ලාහෝර් නුවරදීයි. සුපිරි දස්කම් දක්වමින් අවසන් සටන දක්වා පිවිසි අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව එම තරගයේ දී ප්‍රබල ඔස්ටේ්‍රලියා කණ්ඩායම කඩුලූ 07 කින් පරාජයට පත්කරමින් 1996 ලෝක කුසලානය හිමිකරගත්තා. අරවින්ද ද සිල්වා එම තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලියේ වීරයා වූයේ සනත් ජයසූරියයි.

Read More »