වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැපුවා නිව්ගිනියාවේ සිට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කල බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කරනවා.
දැනට පැපුවා නිව්ගිනියාවේ සිට සෘජු ගුවන් ගමන් සිදුකෙරෙන්නේ කෙයාර්න්ස් දක්වා පමණක් වන අතර එයද මේ අනුව නතර කෙරෙනු ඇති.
පැපුවා නිව් ගිනියාවේ මේ වනවිට කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම මීට හේතුව බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවකදී සඳහන් කලා.
කෙසේවුවද අත්‍යවශ්‍ය සේවා සඳහා එරට සිට ඔස්ටේ්‍රලියාවට පැමිණෙන අයට මෙම තහනම අදාල වන්නේ නැහැ.
පවතින තත්වය හමුවේ පැපුවා නිව්ගිනියාවට එන්නත් හා පුද්ගලික ආරක්ෂක කට්ටල විශාල ප්‍රමාණයක් යැවීමට පියවර ගෙන ඇතැයිද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කලා.