
අදට වසර 25ක් සපිරෙන “96 ලෝක කුසලාන ක්රිකට් විජයග්රහණය” වෙනුවෙන් සැමරුම් උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණා.
ඒ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්.
එම ජයග්රහණයට උරදුන් අර්ජුණ රණතුංග ප්රමුඛ ක්රීඩකයින් ඒ සදහා එක්ව සිටියා.
කෙසේවෙතත් එම තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි තරගාවලියට එක්වීම හේතුවෙන් ඔහු මෙම අවස්ථාවට එක්වී නැහැ.

අසංග ගුරුසිංහද නයිජීරියානු කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස එක්වීම හේතුවෙන් ඔහුද මෙම සැමරුමට එක්වී නැහැ.
ඔවුන් දෙදෙනා හැර 96 ශ්රී ලංකා ලෝක කුලසලාන කණ්ඩායම නියෝජනය කළ සියලූ ක්රිඩකයින් ඇතුලූ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙම සැමරුම් උත්සවය අමතමින් 96 ලෝක කුසලාන කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ අර්ජුණ රණතුංග මෙහිදී අග්රාමාත්යවරයාගෙන් ඉල්ලා සිටියේ ක්රිකට් වංචා සෙවීම සඳහා ක්රිකට් කොමිසමක් පත් කරන ලෙසයි.
COMMENTS