ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතත් ලංකාවට ගේන්න යයි

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගැනීමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ මේ වනවිට මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවය.

“මේ වනවිට කොවිඩ් රෝගීන්ගේ අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විවිධ එන්නත් කෙරෙහි අපේ අවධානය යොමුවෙලා තියෙනවා.

ඒ ආයතනවලින් කවුරුහරි නියෝජිතයෙක් ඉල්ලුම් කරන්න ඕනේ ලියාපදිංචි කරන්න.

ඊයේ SPC ආයතනයේ සභාපතිතුමා කිව්වා ෆයිසර් ආයතනයට දන්වලා තියෙනවා කියලා ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු එවන්න කියලා. “

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »