ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.2 ක ණයක් ගැනීමට සැරසේ!

ශ්‍රී ලංකාව චීන බැංකු වලින් ඩොලර් බිලියන 2.2 ක ණයක් අපේක්ෂා කරන බව රජය පවසයි.

චීනයේ මහ බැංකුව සමඟ ඩොලර් බිලියන 1.5 ක හුවමාරු පහසුකමක් ලබා දීමට රජය බලාපොරොත්තු වන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ අමාත්‍ය නිවාඩ් කබ්රාල් පැවසීය.

කබ්රාල් කොළඹ දී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ රජයේ විදේශ මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම අරමුදල් භාවිතා කරන බවයි.

නිල සංඛ්‍යාලේඛන වලට අනුව, ජනවාරි අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 4.8 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2009 සැප්තැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ අඩුම අගයයි.

ඩොලර් මිලියන 700 ක ණයක් සඳහා ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 200 කට සමාන මුදලක් චීන මුදල්වලින් ලබා ගත හැකි බවත් නිලධාරීහු පැවසූහ.

විදේශ විනිමය සංරක්ෂණය කිරීම සඳහා රජය විසින් සුඛෝපභෝගී ආනයන සහ තවත් වෙළඳ භාණ්ඩ කිහිපයක් තහනම් කර ඇති අතර එමඟින් රටට ණය ආපසු ගෙවීමට ප්‍රමාණවත් විදේශ මුදල් ප්‍රමාණයක් තිබිය හැකි බව ඔහු තවදුරටත් පැවසීය.

(Colombo, AFP)

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »