අපනයන මඟින් ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීම ගැන මහ බැංකුවෙන් ගැසට් නිවේදනයක්!

අපනයනය මගින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබීම සහ එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, නැවත දැනුම්දෙන තුරු, අපනයනය කරන ලද සියලු භාණ්ඩවලට අදාළව අපනයනය කිරීමෙන් ලද මුදල්, භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට දින 180 ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුයි.

එසේම සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම මේ යටතේ ඉල්ලා ඇති පරිදි අපනයනය මගින් ලද මුදල් ලැබුණු වහාම, බලපත්‍රලාභී බැංකුවක් මගින් එකී අපනයනය මගින් ලද මුළු මුදලින් 25% ක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුටත් කියා සිටිනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්…

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »