Day: February 21, 2021

අපනයන මඟින් ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීම ගැන මහ බැංකුවෙන් ගැසට් නිවේදනයක්!

අපනයනය මගින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබීම සහ එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, නැවත දැනුම්දෙන තුරු, අපනයනය කරන ලද සියලු භාණ්ඩවලට අදාළව අපනයනය කිරීමෙන් ලද මුදල්, භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට දින 180 ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුයි. එසේම සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම මේ යටතේ ඉල්ලා ඇති පරිදි අපනයනය මගින් ලද මුදල් ලැබුණු වහාම, බලපත්‍රලාභී

Read More »

ඕස්ට්‍රේලියානු අගමැති කොරෝනා එන්නත ලබා ගත් අයුරු!

ඕස්ට්‍රේලියානු අගමැති කොරෝනා එන්නත ලබා ගත් අයුරු! අද උදෑසන කොරෝනා එන්නත් කිරීම් ඕස්ට්‍රේලියාව තුල ලබා දීම ආරම්භ කරන ලදී. ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ දෙවන ලෝක යුද්ධයෙන් දිවි ගලවා ගත් ජේන් මැලිසියාක් ෆයිසර් කොරෝනා එන්නත ලබාගත් පළමු අය අතර වූහ. ප්‍රධාන වෛද්‍ය නිලධාරී පෝල් කෙලී සහ ප්‍රධාන හෙද නිලධාරි ඇලිසන් මැක්මිලන් ද මේ අතරට එක්විය​. තවද​, වයස්ගත සත්කාරක පුද්ගලයින් සහ වයස්ගත සත්කාරක කාර්ය මණ්ඩලය සහ  සේවකයින් සුළු පිරිසක් ද මේ අතරට එක්විය​.

Read More »

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම අද ඇරඹේ! ඕස්ට්‍රේලියානු අගමැති එන්නත ලබා ගැනීමේ ප්‍රථමයා වේ!

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම අද ඇරඹේ! ඕස්ට්‍රේලියානු අගමැති එන්නත ලබා ගැනීමේ ප්‍රථමයා වේ! අද ෆයිසර් එන්නත ලබා ගැනීමට බලාපොරොත්තුවන  ඕස්ට්‍රේලියානුවන් අතර අගමැති Scott Morrison සිටින බව සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරයි. ඕස්ට්‍රේලියාවේ පළමු COVID-19 එන්නත තව පැය කිහිපයක් ඇතුලත ලබා දීම ආරම්භ කෙරෙනු ඇත​. ඕස්ට්‍රේලියාවේ ෆයිසර් එන්නත ලබාගන්නා ප්‍රථම පුද්ගලයින් ලෙස අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය පෝල් කෙලීවනු ඇතැයි සඳහන් වේ. තවද​, වයස්ගත සත්කාරක පුද්ගලයින් දෙදෙනෙකු සහ වයස්ගත සත්කාරක කාර්ය මණ්ඩලය සහ 

Read More »