වික්ටෝරියානු ප්‍රාන්තයේ Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වනවාත් සමඟම පනවන නීති මෙන්න​.

අද දින වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැත​. ඒ අනුව​, අද දින පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී වික්ටෝරියානු අගමැති Daniel Andrews පැවසූවේ ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන දින පහේ lockdown තත්වය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි.

සියලුම සීමාවන් පාහේ ඉවත් කරනු ලැබේ.

නමුත් වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ නිවසට පැමිණිය හැක්කේ 5 දෙනෙකු පමණක් වන අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට නොහැකි අවස්ථාවන් වලදී ගෘහස්ථව හා එළිමහනේ මුව ආවරණ පැළඳීම අනිවාර්‍ය වේ.

එළිමහනේ රැස්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 20ක් වේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියයට 50 කට නැවත සේවයට පැමිණිය හැකි අතර, පාසල් නැවත විවෘත වන අතර සිල්ලර හා ආගන්තුක සත්කාර සඳහා සහභාගී විය හැකි ප්‍රමාණයන් ගේ සීමාවන් සහිතව නැවත විවෘත වේ.

ආගමික රැස්වීම් සහ උත්සව පෙර සීමාවන් සමඟ නැවත ආරම්භ කිරීමට හැකි වේ.

මංගල උත්සව සහ අවමංගල්‍ය සඳහා සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යා වලට සීමාවන් නොමැත.

මෙම සියලු සීමාවන් අවම වශයෙන් පෙබරවාරි 26 වන දින දක්වා ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

කිලෝමීටර් 5 ක ගමන් සීමාව සහ නිවසින් පිටවීමට අත්‍යවශ්‍ය හේතු හතර ද අහෝසි වේ.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »