Search

වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමේදී දෙවරක් සිතන්න ක්වීන්ස්ලන්ඩ් පොලිසියට දැනුම්දීමක්

වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුවන අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ක්වීන්ස්ලන්ඩ් පොලිසිය සිය නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් බ්‍රිස්බේන් වොච් හවුස් හි නලයක් කැඩී යාම හේතුවෙන් සැකකරුවන් රඳවා තබා ගැනීම සඳහා විකල්ප සලකා බලන ලෙස නිලධාරීන්ට දැනුම් දීමක් සිදු වී ඇතැයි සඳහන්.

එහි සිදුවන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් සිර මැදිරිවල පවතින ධාරිතා ගැටලු හමුවේ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන සලකා බලන ලෙසට ක්වීන්ස්ලන්ත පොලිස් නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

සිර මැදිරිවල සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු ඉදිරි සතියක පමණ කාලයක් තුළ අවසන් කිරීමට නියමිතයි.

මෙවැනි දැනුම්දීමක් සිදු කළ ද කිසියම් වැරදිකරුවෙකු කලහකාරීව හැසිරෙන්නේ නම් හෝ අත්අඩංගුවට ගත යුතුම පුද්ගලයෙකු නම් එය ප්‍රමාද නොකරන ලෙසට ද පොලිස් බලධාරීන් තම නිලධාරීන්ට දැනුම්දී ඇතැයි සඳහන්.

සහකාර පොලිස් කොමසාරිස් බෙන් මාකස් අවධාරණය කළේ වෙනත් අයට තර්ජනයක් හෝ අවදානමක් ලෙස සලකන ඕනෑම අයෙකු ගොඩනැගිලි සංවර්ධන කටයුතු සිදු කරන අතරතුර ද රඳවා තබා ගන්නා බවයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »