
තවත් විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.
මානව ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කළ හැකි තවත් කොවිඩ් වෛරස් ප්‍රභේදයක් එක්සත් රාජධානියේ හඳුනාගෙන තිබෙන බව විද්‍යාඥයින් පවසයි. B.1.525 ලෙස හැඳින්වෙන මෙම ප්‍රභේදය දැනටමත් ආසාදිතයින් 33 අතුරින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. එය දකුණු අප්‍රිකානු සහ බ්‍රසීලියානු ප්‍රභේද දෙකෙහිම දක්නට ලැබෙන E484K විකෘතිය ඇතුළත් වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. එය සියයට 70 ක් දක්වා බෝවීමේ ප්‍රවණතාවයක් දක්වන බවද විද්‍යාඥයින් සිදුකළ අධ්‍යනයකින් සොයාගෙන තිබෙනවා.