හුස්ම ගැනීම උපයෝගී කරගනිමින් කොරෝනා හඳුනාගැනීමේ නවතම ක්‍රමයක්!

GreyScan නැමති මෙල්බර්න් සමාගමක් විසින් ලොව ප්‍රථම වරට හුස්ම ගැනීම උපයෝගී කරගෙන සිදු කෙරෙන කොරෝනා පරීක්‍ෂණයක් (Breath Test) පිළිබඳ වාර්තා වේ. එය ඕස්ට්‍රේලියාවට තම දේශසීමා නැවත විවෘත කිරීමට උදව් කළ හැකි බව එම සමාගම​ පවසයි.

මෙමඟින් ප්‍රතිඵල විනාඩියක් ඇතුළත ලබා දෙන අතර පුද්ගලයෙකු කෙතරම් ආසාදිතද යන්න පවා පෙන්විය හැකිය.

මෙහිදී මූලික වශයෙන්, මිනිසුන්ට හුස්ම ගැනීමේ යන්ත්‍රයකට තම ආශ්වාස ප්‍රාශ්වාස වායූන් පිරවිය​ යුතු අතර එමඟින් කොරෝනා හෝ වෙනත් වෛරස් තිබේද යන්න සහ ඒවා කෙතරම් ප්‍රමාණයන් ගෙන් පවතීද යන්න පෙන්නුම් කෙරෙනු ඇත​.

මෙම සමාගම පැවසූවේ වර්තමාන නාසික පරීක්ෂණයට වඩා හුස්ම ගැනීමේ පරීක්ෂණය ආක්‍රමණශීලී නොවන නමුත් ඊට වඩා බොහෝ තොරතුරු සපයන බවයි.

නිලධාරීන්ට “වෛරසය කොපමණ ප්‍රමාණයක් පිටවනවාද යන්න මැන බැලීමට පමණක් නොව, එම වෛරසය වෛරසයේ කොටසක්ද, එය මළ වෛරසයක්ද, සජීවී වෛරසයක්ද යන්න තේරුම් ගැනීමට හැකි වනු ඇත” යනුවෙන් GreyScan ප්‍රධාන විධායක Samantha Ollerton පැවසීය.

තවදුරටත් ඔහු අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ මෙම පරීක්‍ෂණ​ ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයට පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වන අතර එමඟින් ඕස්ට්‍රේලියාවේ දේශසීමා විවෘතව තබා ගත හැකි බවයි.

GreyScan පැවසුවේ ෆෙඩරල් රජය ඒවා මිලදී ගැනීමට එකඟ වන තුරු එම පරීක්‍ෂණ​ කට්ටල සෑදීම ආරම්භ නොකරන බවයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »