මෙල්බන් හොලිඩේ ඉන් හෝටලය ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 13ක්! තුන්වන වරටත් lockdown තත්වයකට යාමට සැරසෙන ලකුණු!

අද උදෑසන වාර්තාවන්ට අනුව මෙල්බන් හි හොලිඩේ ඉන් හෝටලය ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 13ක් දක්වා වර්ධනය වී ඇති බවට සනාථ වීමත් සමඟ නැවතත් වික්ටෝරියා ප්‍රාන්තය lockdown තත්වයකට යාමට බොහෝ ඉඩකඩ ඇති බවට සඳහන් වේ.

තුන්වන රැල්ලකට ඇති බිය නිසා එක්සත් රාජධානියේ බෝවීමේ සම්භාවිතාව වැඩි ප්‍රවණතාවයක් සහිත​ ප්‍රභේදයක් යැයි සිතන COVID-19 වයිරසය​ පැතිරීම මැඩපැවැත්වීම සඳහා විකල්පයන් හුවා දක්වමින් මධ්‍යම රාත්‍රියේ රැස්වීමක් පැවැත්වීමට රජයේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබුණි.

වික්ටෝරියානු රජය අද දින සවස් වන විට මේ පිළිබඳව අදහස් දැක්වීමට අපේක්‍ෂා කෙරේ.

මෙම පොකුර ආශ්‍රිතව වාර්තා වී ඇති 13 දෙනාගෙන් 11 දෙනෙකුටම එක්සත් රාජධානියේ පැතිරෙන විකෘති කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත​.

වසංගත රෝග විද්‍යා මහාචාර්ය නැන්සි බැක්ස්ටර් අද පැවසුවේ තුන්වන වරටත් lockdown තත්වයකට යාම මේ අවස්ථාවේ වික්ටෝරියානු ප්‍රාන්තයට ප්‍රයෝජනවත් විය හැකි බවයි.

මේ අවස්ථාවේ වික්ටෝරියානු ප්‍රාන්තයට කොරෝනා තුන්වන රැල්ලක් ඇති වීමේ වඩා අවදානම් තත්වයකට යාමෙන් වළක්වා ගැනීමට නම් මෙලෙස lockdown තත්වයක් පැනවීම ඉතා අවශ්‍ය බව ඇය පැහැදිලි කළාය​.

මේ අතරේ, මෙල්බර්න් ගුවන්තොටුපලේ ආපනශාලාවක් කොරෝනා නිරාවරණ ස්ථාන ලැයිස්තුවට අලුතින් ඇතුළත් කර ඇත​.

පෙබරවාරි 9 වන අඟහරුවාදා අලුයම 4.45 ත් දහවල් 1.15 ත් අතර කාලයකදී ටර්මිනල් 4 හි café Brunetti ආපන ශාලාව එම අවදානම් ස්ථානය ලෙස නම් කොට ඇත​.

එම කාලය තුළ ආපනශාලාවට ගිය ඕනෑම අයෙකු වහාම හුදෙකලා විය යුතු අතර කොරෝනා වෛරස් පරීක්ෂණයක් සිදු කල යුතුයි.

මෙසේ වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩිවෙමින් පවතින කොරෝනා සිද්ධීන් ගැන සලකා බලා අනෙකුත් ප්‍රාන්ත රජයන් තම දේශ සීමා නීති පැනවීමට පෙළඹී ඇත​.

ක්වීන්ස්ලන්තය සිය දේශසීමා නීති ඇතුලත් ක්‍රමවේදය​ සෙනසුරාදා අලුයම 1 සිට නැවත ස්ථාපනය කරනු ඇත.

දකුණු ඕස්ට්‍රේලියාව ද වික්ටෝරියා සඳහා සීමාවන් පනවා ඇති අතර, එහි දේශ සීමාව මෙල්බර්න් හි (Greater Melbourne) ඕනෑම කෙනෙකුට වසා දමා ඇත​.

නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවමත් තම දේශ සීමා වික්ටෝරියානුවන්ට වසා දැමීමට පියවර ගෙන නැත​.

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ට අවසර නොමැතිව ගෙවත්තේ ඇති ගස් කපන්න තහනම් වෙයි?

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි නිවාසවල පදිංචිකරුවන්ට බලපත්‍රයක් නොමැතිව තම ගෙමිදුලෙහි ඇති ගස් කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන් කැපීම තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

මෙල්බන් සරසවියේ උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන අයට දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙල්බන් විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදැරීමට බලාපොරොත්තු වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙස් විදෙස් විද්‍යාර්ථයින් සඳහා නවතම දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »