Day: February 12, 2021

6 දෙනෙකුට මරු කැඳවමින් වාහන 100ක් එකිනෙක ගැටේ!

අමෙරිකාවේ – ෆෝර්ට් වර්ත් හි පිහිටි ටෙක්සාස් සිට ඩලස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 50 ක් ප්‍රමාණයක් මෝටර් රථ 100කට අධික සංඛ්‍යාවක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර නිසා පුද්ගලයින් රැසක් වාහන තුල සිරවී සිටින බවත් ඔවුන් බේරා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවයි ප්‍රාදේශීය ගිනිනිවීම් සහ හදිසි ප්‍රතිචාර ඒකකය සඳහන් කළේ. හිමපතනයන් හේතුවෙන් මාර්ගයේ ඇතිවී තිබෙන ලිස්සා යාමේ තත්ත්වය නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි CNN

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තය නැවතත් Stage 4 Lockdown තත්වයට පත්වෙද්දී පැනවූ නීති මෙන්න​.

අද දින දහවල් හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews තහවුරු කළේ එක්සත් රාජධානියේ වික්‍රියා පිළිබඳ තවත් සිද්ධීන් ප්‍රජාව තුළ තිබිය හැකි බවට විශ්වාස කරන හෙයින් නැවතත් lockdown තත්වයක් පනවා ඇත​. මේ අනුව​, සිකුරාදා රාත්‍රී 11.59 සිට දින පහක් දක්වා වික්ටෝරියානුවන්ට නිවසින් පිටවීමට අවසර ලැබෙන්නේ පහත දැක්වෙන​ අත්‍යවශ්‍ය හේතු හතරෙන් එකක් සඳහා පමණි. රැකියා සඳහා,ආහාර සහ සැපයුම් ලබා ගැනීමට​, ව්‍යායාම සඳහා සහ රැකබලා ගැනීම් සඳහා දිනකට පැය දෙකක් ව්‍යායාම කිරීමට ඉඩ ලබා දෙන

Read More »

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි!

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමේදී ඔහු මියගොස් සිට ඇති බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ. වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ වේදිකා, ටෙලි නාට්‍යය මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ ජයලාල් රෝහණ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකු වනවා. ජයලාල් රෝහණ මහතා පේරාදෙණිය සහ කැලණිය සරසවියේ උපාධිධාරියෙකු ද වනවා. මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවුණා.

Read More »

මෙල්බන් හොලිඩේ ඉන් හෝටලය ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 13ක්! තුන්වන වරටත් lockdown තත්වයකට යාමට සැරසෙන ලකුණු!

අද උදෑසන වාර්තාවන්ට අනුව මෙල්බන් හි හොලිඩේ ඉන් හෝටලය ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 13ක් දක්වා වර්ධනය වී ඇති බවට සනාථ වීමත් සමඟ නැවතත් වික්ටෝරියා ප්‍රාන්තය lockdown තත්වයකට යාමට බොහෝ ඉඩකඩ ඇති බවට සඳහන් වේ. තුන්වන රැල්ලකට ඇති බිය නිසා එක්සත් රාජධානියේ බෝවීමේ සම්භාවිතාව වැඩි ප්‍රවණතාවයක් සහිත​ ප්‍රභේදයක් යැයි සිතන COVID-19 වයිරසය​ පැතිරීම මැඩපැවැත්වීම සඳහා විකල්පයන් හුවා දක්වමින් මධ්‍යම රාත්‍රියේ රැස්වීමක් පැවැත්වීමට රජයේ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබුණි. වික්ටෝරියානු රජය අද දින සවස් වන විට මේ

Read More »