ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි! – AusLanka TV – Australian News for the Sri Lankan community

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි!

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි!

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමේදී ඔහු මියගොස් සිට ඇති බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ.

වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ වේදිකා, ටෙලි නාට්‍යය මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ ජයලාල් රෝහණ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකු වනවා. ජයලාල් රෝහණ මහතා පේරාදෙණිය සහ කැලණිය සරසවියේ උපාධිධාරියෙකු ද වනවා.

මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවුණා.

COMMENTS