නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීමක්!

නවසීලන්ත බලධාරීන් එහි උතුරු වෙරළ තීරයේ පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ පැසිෆික් සාගරයේ Loyalty Islands වලට ගිනිකොන දෙසින් ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු වෙරළ සහ වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත් වී සිටින ලෙසයි. ඕස්ට්‍රේලියාවේ Lord Howe Island ද මේ පිළිබඳව​ සෝදිසියෙන් සිටිය යුතු බවට අනතුරු අඟවා ඇත​.

නවසීලන්ත ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මිනිසුන් Ahipara සිට​ Bay of Islands, Great Barrier Island සහ Matata සිට​ Tolaga Bay දක්වා ප්‍රදේශවල ජලයෙන්, මුහුදු වෙරළෙන්, වරාය, ගංගා සහ මෝය ආශ්‍රිතව පරිසරයන් ගෙන්​ බැහැර විය යුතු බවයි.

ජියෝ සයන්ස් ඕස්ට්‍රේලියා ආයතනය පැවසුවේ රික්ටර් මාපක 7.6 ක භූ කම්පනයක් නිව් කැලිඩෝනියාවේ ටැඩින් සිට කි.මී. 400 ක් පමණ නැගෙනහිර දෙසින් ඇති වූ අතර එය කිලෝමීටර් 54 ක් ගැඹුරින් හට ගත් බවයි.

බ්‍රහස්පතින්දා අළුයම 12.20 ට ඇති වූ භූමිකම්පාවෙන් අවම වශයෙන් තවත් භූ කම්පන තුනක් පැයක් වැනි කෙටි කාලයක් තුළ සිදුවී ඇති අතර ඒවා 6.0 සිට 6.2 දක්වා විශාලත්වයකින් යුක්ත විය.

“මුහුදු මට්ටමේ නිරීක්ෂණ මගින් සුනාමියක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බවට​ සනාථ වී තිබේ” යැයි ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ Lord Howe දූපත​ට සාගර අනතුරු ඇඟවීමක් අළුයම 2.45 සිට නිකුත් කර ඇති බවයි.

ඉඩම් ජලයෙන් යටවීම හා ගංවතුර තර්ජන ඇති ප්‍රදේශවල ජනතාවට ඉහළ භූමියකට හෝ අවම වශයෙන් කිලෝමීටර 1 ක් පමණ අභ්‍යන්තරයට යන්නැයි බලධාරීන් විසින් උපදෙස් දී තිබේ.

එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පැවසුවේ ඇමරිකානු සැමෝවා සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවත් Vanuatu, ෆීජි සහ නවසීලන්තය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල සුනාමි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් ය.

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »