Day: February 11, 2021

ශ්‍රී ලංකාවේ බස් රථ සඳහා ඉලෙක්ට්‍රොනික් ටිකට්පත් හඳුන්වා දෙයි.

e-ticketing සංකල්පය යටතේ බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ සඳහා යොදා ගැනෙන මෘදුකාංගයේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කර සිටිනවා. අදාළ කාඩ් පතට රීලෝඩ් මගින් මුදල් බැර කර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා ගෙවීම් කළ හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වෙද්දී බැංකු දෙකක් නවතම කොරෝනා නිරාවරණ ස්ථානයන් අතරට!

අද දින මෙල්බන් හොලිඩේ ඉන් හෝටලය ආශ්‍රිතව තවත් දේශීය කොරෝනා සිද්ධීන් 2ක් වාර්තා වන අතර මේ වන විට මෙම හෝටලය හා සම්බන්ධ කොරෝනා ආසාදිතයින් ගණන 10 දක්වා වර්ධනය වී ඇත​. මෙලෙස අද දින වාර්තා වී ඇති ආසාදිතයින් දෙදෙනාම කලින් හඳුනා ගත් COVID ආසාදිත හොටල් සේවකයෙකුගේ ගෘහස්ථ සම්බන්ධතාවන් ලෙස හඳුනා ගෙන ඇත​. ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හා සම්බන්ධ අනාවරණ ස්ථාන ලැයිස්තුව අතරේ පහත සඳහන් ග්ලෙන් වෙවර්ලි බැංකු ශාඛාවන් දෙකද ඇතුලත් කර ඇත​. Commonwealth Bank,

Read More »

ශ්‍රී ලංකාවට ඇතුළු වන මගීන් කාණ්ඩ හතරක් සඳහා නීති ලිහිල් කෙරේ.

“ශ්‍රී ලංකා සංචාරක සුරක්ෂිතතා කෙටුම්පත” හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වන තෝරාගත් මගීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නීති ලිහිල් කර තිබේ. ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය​ අබේවික්‍රම පැවසුවේ මෙම සංශෝධනය පිළිබඳව සියලුම ගුවන් සමාගම් දැනුවත් කර ඇති බවයි. සංශෝධිත නීතිරීතිවලට අනුව, ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන ගුවන් සමාගම්වලට ‘ශ්‍රී ලංකා සංචාරක සුරක්ෂිතතා කෙටුම්පත’ යටතේ පැමිණීමට සුදුසුකම් ඇති මගීන් කාණ්ඩ හතර සඳහා පූර්ව CAASL අනුමැතිය අවශ්‍ය නොවේ. කාණ්ඩ හතර පහත පරිදි වේ:

Read More »