දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද විවෘත කරනු ලැබුවා.

එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු සුඛෝපභෝගී හෝටලය ලෙසටයි සැලකෙන්නේ.

කාමර 352ක් ඇති මෙම හෝටලය සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක්.

මෙහි සුවිශේෂතාව වන්නේ මෙම හෝටලයේ ගොඩනැගිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් ස්කයි බ්‍රිජ් හෙවත් අහස් පාලමකින් යා කර තිබීමයි.

ප්‍රධාන කුලුනු දෙක යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඇති එවැනි අහස් පාලමක් දකුණු ආසියාව තුළ ඉදි කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

මෙම අහස් පාලමේ අති සුඛෝපභෝගී පිහිනුම් තටාක දෙකක් ඉදිකර ඇති අතර එහි සිටින පිරිස් වෙත ආහාරපාන ලබා ගැනීමට ගාලු‍ මුවදොර ඉතා අලංකාරවත් අයුරින් දර්ශනය වන අහස නමින් හැඳින්වෙන ස්ථානයක් ද ස්ථාපිතයි.

ගාලු‍ මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5.86ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත අතර එහි උස මීටර් 224ක්.

රත්නදීප ව්‍යාපෘතිය අති නවීන අංගෝපාංගවලින් සමන්විත අලංකාර උත්සව ශාලා 5කින්ද සමන්විත වනවා.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »