Search

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්ත රජය විසින් නම් කරන ලද නිපුණතා වීසා වැඩසටහන (Skilled Visa Migration Nomination Program) ඊයේ (23) සවස 5න් අවසන් වී ඇති අතර එම කාලසීමාවෙන් පසු නව ලියාපදිංචිය සඳහා කිසිදු අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

2023-24 මූල්‍ය වර්ෂය සඳහා ප්‍රාන්තය පුරා අවස්ථාව පවතින ස්ථාන පිළිබඳ දිගින් දිගටම සොයා බලමින් ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන බව සඳහන්.

මෙම Skilled Visa Migration Nomination වැඩසටහන දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන සංක්‍රමණිකයින්ට මෙන්ම විදේශයන්හි වෙසෙන අයදුම්කරුවන් සඳහා විවෘතව පැවතුණා.

මෙම වැඩසටහන මඟින් දක්ෂ සංක්‍රමණිකයන්ට වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් විවර වනවා.

සෑම වර්ෂයක් පාසාම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර 2024-2025 මූල්‍ය වර්ෂයට අදාළ තොරතුරු ඉදිරියේදී ඉදිරිපත් වන අතර ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »