ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

මෙම පර්යේෂණය සඳහා සැදුම්ලත් ඉංජිනේරුවන්ගේ කණ්ඩායමේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන්නේ සහකාර මහාචාර්ය ඩිලාන් රොබට් නම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් වීම විශේෂත්වයක්.

ඉවතලන අපද්‍රව්‍යවලින් ‘ස්මාර්ට්’ ගඩොල් නිපදවීමටයි මෙම පර්යේෂක පිරිස කටයුතු කර ඇත්තේ.

RMIT විශ්ව විද්‍යාල ඉංජිනේරුවන් විසින් ප්‍රතිචක්‍රීකරණ සමාගමක් වන Visy සමග එක්ව මෙම අත්හදාබැලීම සිදුකර තිබෙනවා.

පරීක්‍ෂණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මෙම ගඩොල් තනි මහල් ගොඩනැඟිල්ලක් තැනීමේදී භාවිත කිරීමෙන් ගෘහස්ථ බලශක්ති සියයට 5කින් අවම කර ගැනීමට හැකි බවයි.

තවද ගඩොල් නිෂ්පාදනයේ දී අපද්‍රව්‍ය සමඟ මැටි එක් කිරීමෙන් සම්මත ගඩොල් මිශ්‍රණ හා සසඳන විට උෂ්ණත්වය සියයට 20 දක්වා අඩු කිරීමට උපකාරීවීම විශේෂත්වයක්.

මහාචාර්ය ඩිලාන් රොබට් සඳහන් කළේ සෑම වසරකම ලොව පුරා ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ගඩොල් ට්‍රිලියන 1.4ක් පමණ භාවිතා කරන බවයි.

මෙම බලශක්ති-‘ස්මාර්ට්’ ගඩොල් මගින් පරිසරයට සිදුවන හානිය අවම වන අතර ස්වභාවික සම්පත්වලින් මෙවැනි නිෂ්පාදනයක් කිරීමට ලැබීම වඩාත් වාසි සහගත බවයි වාර්තා වන්නේ.

තවද පර්යේෂණවලින් පෙන්නුම් කර ඇත්තේ නව ගඩොල් වැඩිදියුණු කළ තාප කාර්ය සාධනය තුළින් බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ඇති අතර දැඩි ව්‍යුහාත්මක කල්පැවැත්ම සහ පාරිසරික තිරසාර ප්‍රමිතීන් ද සපුරා ඇති බවයි.

energy-‘smart ගඩොල් තාක්ෂණය ඔස්ට්‍රේලියාවේ AS 3700 ප්‍රමිතිය සපුරාලීමට ද සමත්ව තිබෙනවා.

මෙල්බර්න්හි ගඩොල් නිෂ්පාදක ආයතන සමඟ සහයෝගයෙන් energy-‘smart නව්‍ය ගඩොල් වාණිජ කරණය කිරීමට කටයුතු කරන අතර ජනතාව අතරට ව්‍යාප්ත කිරීම අරමුණ බවද මහාචාර්ය ඩිලාන් රොබට් සඳහන් කර තිබෙනවා.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »