Search

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

අදාළ වෛද්‍ය නිලධාරිනිය, සැමියා සහ කුඩා දියණිය සමග ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර ඇය චර්ම පිළිකාවකට ගොදුරු වී ඇති බවටයි වෛද්‍ය සායනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුගිය ජනවාරි මාසයේ ඊට අදාළ සැත්කමක් සාර්ථකව සිදු කිරීමට වෛද්‍යවරුන් සමත් වුව ද යළිත් එම පිලිකා සෛල අක්මාවට සහ පෙනහළුවලට පැතිර ගොස් ඇති බව හෙළිවී තිබෙනවා.

පිළිකාව ඉතා ආක්‍රමණශීලී බැවින් හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කළ යුතු බවටයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.

අදාළ ප්‍රතිකාර සඳහා ඩොලර් ලක්ෂයක මුදලක් වැය වන අතර ඇය ජාත්‍යන්තර සිසුවියක් බැවින් ඔස්ට්‍රේලියාවේ Medicare පහසුකම් හෝ පුද්ගලික පිළිකා රක්ෂණයක් නොමැති කමින් දැඩි මූල්‍ය ආතතියකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔෂිකා විජයගුණරත්නගේ සැමියා රැකියාවක නිරතව සිටින අතර දරුවා සහ අධ්‍යාපන කටයුතු හේතුවෙන් ඇය රැකියාවකට ගොස් තිබුණේ නැහැ.

මෙම අර්බුදකාරී තත්ත්වයේදී තමාට උදව් කරන ලෙස නිහතමානී ඉල්ලීමක් කෙරෙන අතර “gofundme” වෙත පරිත්‍යාග කිරීමට යමෙකුට අපහසු නම් සැමියාගේ සහ සහෝදරියකගේ ගිණුම් තොරතුරු ද ලබාදී තිබෙනවා.

පිළිකාවට එරෙහිව සටන් කර සාමාන්‍ය ජීවිතයට යාමට සහ වෛද්‍යවරයා වෙත ආපසු යාමට සහයෝගය ලබා දෙන ලෙසටයි කාරුණික ඉල්ලීමක් සිදු කෙරෙන්නේ.

මේ සඳහා යම් දායකත්වයක් ලබා දීමට කෙනෙකු ඉදිරිපත්වන්නේ නම් පහත ගිණුම් අංක වෙත මුදල් පරිත්‍යාග කිරීමේ හැකියාව පවතිනවා.

Gofundme fundraiser link – https://www.gofundme.com/f/life-saving-cancer-treatment-for-oshika

Account Details Sri Lanka-

M.A.D.I. Asanga
Sampath Bank- Account number- 117557081376
Colombo Super Branch

Account Details Australia-

Commonwealth bank
BIC/SWIFT Code- CTBAAU2S
BSB 063-245 Account – 1114 9211
Imal Asanga

Imal – 0450902114
Oshika – 0450211573 / [email protected]

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »