උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනය අනුවයි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන්නේ.

2008 වසරේ අප්‍රේල් මාසයේ දී එවක ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ්ගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද මෙම සංචාරයට සමගාමීව අත්සන් තැබීමට නියමිතයි.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද පෙරවරුවේ ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »