ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

සවින්ද්‍රි පෙරේරා නම් ඇය මෙම තරඟය සඳහා ඉදිරිපත්ව ඇත්තේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර යන තේමාව යටතේ වීම විශේෂත්වයක්.

ඇය තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික කිරිබතක් සමඟ ව්‍යාජනයක් පිළියෙළ කර තිබූ අතර විනිශ්චය මණ්ඩලයෙන් ඇයට උණුසුම් ප්‍රතිචාර හිමිව තිබුණා.

සවින්ද්‍රි විසින් පිළියෙළ කළ ආහාර අනුභව කරමින් විනිශ්චය මණ්ඩලය ශ්‍රී ලාංකීය සාම්ප්‍රධායික ආහරවල රස ද ඇගයීමට ලක් කර තිබෙනවා.

තරඟාවලිය සඳහා දෙස් විදෙස් තරගකරුවන් රැසක් ඉදිරිපත්ව තිබූ අතර සවින්ද්‍රි පෙරේරා සඳහන් කළේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාර ජාත්‍යන්තරයට රැගෙන යාම තම අරමුණ බවයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලියේ අවසන් 11 දෙනා දක්වා සුදුසුකම් ලැබීමට සවින්ද්‍රි පෙරේරාට අවස්ථාව හිමිව ඇති අතර ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන යාම වෙනුවෙන් ඇයට සුබ පැතුම් රැසක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »