ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ බොහෝ රැකියා අවස්ථා විවෘතව ප්‍රචාරය නොකෙරෙන අතර ඒ පිළිබඳ අධ්‍යනය කර අවධානයෙන් සිටීම අනිවාර්ය වනු ඇති.

ඔස්ට්‍රේලියාවට පැමිණි විගස යමෙකු රැකියාවක් ලබා දෙන තෙක් බලා නොසිටින තමන් විසින්ම රැකියාවක් සොයා යාමට නිභීත විය යුතු බව NB Migration Law හි ප්‍රධාන නීතීඥ ඇග්නස් කෙමිනීස් පවසනවා.

Seek, career One සහ Jora වැනි රැකියා වෙබ් අඩවි සහ LinkedIn වැනි සමාජ මාධ්‍ය කුමන ආකාරයේ රැකියා අවස්ථා තිබේද යන්න පිළිබඳ සොයා ගත හැකි මූලික වෙබ් අඩවි බව සඳහන්.

එමගින් සංක්‍රමණිකයින්ට සේවා අංශ පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇති.

තවද ඔස්ට්‍රේලියාවේ රැකියා ලබා දෙන නියෝජිත ආයතන සමග ද සම්බන්ධ විය හැකි අතර Labour Hire එවැනි අයතනයක් ලෙස සඳහන්.

සෙට්ල්මන්ට් සර්විස් ඉන්ටර්නැෂනල් (Settlement service International) ආයතනය සරණාගතයින් සහ සංක්‍රමණික ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් විවිධ පසුබිම්වල පුද්ගලයන් සඳහා පුහුණු වැඩසටහන් සහ රැකියා මාර්ග වෙත යොමු කිරීම සිදු කරනු ලබනවා.

ෆෙඩරල් රජයේ Work force Australia වැඩසටහන සහ අනෙකුත් ස්වාධීන වැඩසටහන් හරහා සංක්‍රමණිකයන් සහ සරණාගතයින්ට නොමිලේ රැකියා සේවා සපයනු ලබන බව සඳහන්.

ඇතැම් අවස්ථාවල රැකියා ලබා දෙන මුවාවෙන් සිදුවන වංචනික ක්‍රියාවන්ට රැවටී සංක්‍රමණිකයින් මුදල් නාස්ති කර ගැනීම් ද රැසක් වාර්තා වනවා.

වංචනික පුද්ගලයින්ට නොරැවටී පිළිගත් ආයතන මගින් සංක්‍රමණිකයින් දැනුවත් කිරීමට විදේශ සේවා දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »