Search

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

ඩොලර් මිලියන 13ක පාලන වැඩසටහනක කොටසක් ලෙස මේ වන විට වල් ඌරන් 69,000කට වඩා මරා දමා ඇති බවයි පැවසෙන්නේ.

එහෙත් එම පාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුව ද මෙතෙක් දැක නොමැති තරම් සංඛ්‍යාවක් සතුන් සිටින අතර එම ඌරන් ද මිනිසුන්ට ආක්‍රමණශීලී තත්වයක් පවතින බව ඉඩම් හිමියන් පෙන්වා දෙනවා.

නිව් සවුත්වේල්ස්හි වයඹ දිග ප්‍රදේශයට වල් ඌරන් විශාල වශයෙන් නැවත පැමිණ ඇති අතර එම සත්වයන් බැටළුවන් මරා දමමින් මිනිසුන්ට ද පහර දෙන බවටයි වාර්තා වී ඇත්තේ.

වල් ඌරන් මර්දනය කිරීම සඳහා අතිරේක අරමුදල් සහ සම්පත් ලබා දෙන ලෙස ප්‍රාන්ත රජයට ගොවි සංගම් ඉල්ලීම් කිරීමට මෙම තත්ත්වය හේතු වී තිබෙනවා.

උණුසුම් හා තෙත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඌරන් වඩාත් පහසුවෙන් නැවත බෝවන අතර එය පාලනය දැඩි ගැටළුවක් වී ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »