සිඩ්නිහි සුප්‍රසිද්ධ හෝටලයක් යළි විකිණීමට පියවර

සිඩ්නි හි ප්‍රසිද්ධ ලයිට් බ්‍රිගේඩ් හෝටලය විකිණීමට එහි හිමිකරුවන් පියවර ගෙන තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් වීදියේ පිහිටි වසර 144ක් පමණ ඉපැරණි මෙම හෝටලය සිඩ්නි නගරය තුළ වඩාත් ප්‍රසිද්ධියක් උසුලණ ඉපැරණි හෝටලයක් ලෙසටයි සැලකෙන්නේ.

1880 වසරේ ආරම්භ කර ඇති මෙම ලයිට් බ්‍රිගේඩ් හෝටලය ඩොලර් මිලියන 20කට අලෙවි කිරීමය සුදානම් බව නිවේදනය කර තිබෙනවා.

බේෆීල්ඩ් පවුල මෙහි මුල් හිමිකරුවන් වූ අතර 2015 දී සිඩ්නි පබ් සමාජ ශාලා අධිපති ජස්ටින් හෙම්ස් වෙත විකුණා තිබුණා.

හෝටල් හිමිකරුවන් වන බේෆීල්ඩ් පවුල වසර හතකට පෙර ඩොලර් මිලියන 9කට අලෙවි කළ එහි ප්‍රතිසංස්කරණය සඳහා තවත් ඩොලර් මිලියන 5ක් වැය කිරීමට සිදු වී තිබූ බව සඳහන්.

අවස්ථා කිහිපයක දී ලයිට් බ්‍රිගේඩ් හෝටලයේ හිමිකාරිත්වය වෙනස් වූ අතර සිඩ්නිහි පවතින ඓතිහාසික හෝටලයේ නව ගැණුම්කරුවා කවුරුන්ද යන්න බොහෝ දෙනෙක් විමසිල්ලෙන් පසුවන බව සඳහන්.

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »