Search

ඔස්ට්‍රේලියාව තුළ රෝගී තත්ත්වයක් පැතිර යාම ඉහළට

ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ උණ රෝගය සඳහා එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසට ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

උණ රෝග ව්‍යාප්ති සමය නැවත වරක් පැමිණෙමින් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යන බැවින් තම වාර්ෂික එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසටයි දැනුම් දෙන්නේ.

රෝග පාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය පෝල් කෙලී පැවසුවේ සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සඳහා නොමිලේ එන්නත් ලබා ගත හැකි බවයි.

ජනතාවට තම එන්නත ෆාමසි සහ ප්‍රතිශක්තිකරණ සායනවලින් මෙන්ම බොහෝ අවස්ථාවන්හිදී ඔවුන්ගේ සේවා ස්ථානයේදී ලබා ගත හැකි බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

2023 වසරේදී වැඩිම උණ ආසාදිතයන් ලෙසට හඳුනාගෙන තිබුණේ වයස අවුරුදු 14ට අඩු ළමුන් වීම සුවිශේෂී තත්වයක්.

මේ අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන්නේ දැනටමත් තම ප්‍රාන්තයේ උණ අනුපාතය ඉහළ යමින් පවතින බවයි.

පසුගිය සති හතර තුළ ප්‍රාන්තයේ පුද්ගලයින් 4700 කට වැඩි පිරිසකට ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක වැඩිවීමක් බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

එබැවින් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන්ට නොමිලේ ලැබෙන උණ එන්නත දැන්ම වෙන් කරවා ගන්නා ලෙසයි.

ප්‍රාන්තයේ රෝහල්වලට ජනවාරි 6 සිට අප්‍රේල් 14 දක්වා කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා වැනි ආසාධිත රෝගීන් ඇතුළත් කිරීම් 480ක් වාර්තා වී ඇති අතර 2023 වසරේ එම කාල සීමාව තුළ වාර්තා වී තිබුණේ රෝගීන් 284ක් පමණයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »