Search

ඔස්ට්‍රේලියා ෆෙඩරල් අධිකරණයෙන් ට්විටර් සමාගමට නියෝගයක්

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ වීඩියෝ ඉවත් කරන ලෙසට ෆෙඩරල් අධිකරණය ට්විටර් සමාගමට නියෝග කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඊ සේෆ්ටි කොමසාරිස්වරයා විසින් මීට පෙර අදාළ වීඩියෝ ඉවත් කරන ලෙසට ට්විටර් සමාගමෙන් ඉල්ලා සිටි අතර සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් එය ප්‍රතික්ෂේප කර තිබුණේ ඔහුට එවැනි ඉල්ලීමක් සිදු කිරීමට බලයක් නොමැති බව පවසමින්.

ප්‍රහාරයෙන් පසුව අදාළ වීඩියෝ ඉවත් කිරීමට Google, Microsoft, Snap සහ TikTok ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් සහයෝගයෙන් කටයුතු කළ බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

එම සමාගම්වලින් ඇතැම් ය වීඩියෝව තවදුරටත් පැතිරීම අවම කිරීම සඳහා අමතර පියවර ද ගෙන ඇති අතර එම උත්සාහයන් සඳහා ස්තූතිවන්ත වන බවයි ඊ සේෆ්ටි ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

කෙසේ වෙතත් ෆේස්බුක්හි මව් සමාගම Meta සහ ට්විටර් සමාගම් ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමට එකඟ වී තිබුණේ නැහැ.

eSafety කොමසාරිස් පැවසුවේ සමාගම් දෙක ප්‍රචණ්ඩකාරී වීඩියෝවේ ප්‍රචාරණයෙන් ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවර නොගත් බවයි.

කෙසේවෙතත් තම ඉල්ලීමට Meta සමාගම දැක්වූ ප්‍රතිචාරය ගැන සෑහීමකට පත්වන අතර ට්විටර් සමාගමේ ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බැවින් අධිකරණ නියෝගය ලබා ගත් බව ඔවුන් සඳහන් කළා.

ඉවත් කිරීමේ නියෝගය අදාළ වන්නේ බිෂොප් මාරි එම්මානුවෙල්ට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමේ වීඩියෝව පමණක් වන අතර ඒ සිදුවීම පිළිබඳ අදහස් දැක්වීම්, ප්‍රසිද්ධ විවාද හෝ වෙනත් පළ කිරීම්වලට අදාළ වන්නේ නැහැ.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »