ජාත්‍යන්තර සිසුන්ට සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව

සිඩ්නි විශ්ව විද්‍යාලයේ උපාධි හැදෑරීම සඳහා ජාතන්තර සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

වසර 4ක කාලසීමාවක් සඳහා මෙම ශිෂ්‍යත්ව වලංගු වන අතර මේ වන විට සිඩ්නි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කර ඇති සිසුන්ට මේ සඳහා අවස්ථාව හිමි නොවන බව සඳහන්.

මෙරට අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීම මෙහි අරමුණ වන අතර පශ්චාත් උපාධි සඳහා මෙම ශිෂ්‍යත්ව වලංගු නොවන බව ද සඳහන්.

අයදුම්කරුවන් ඔවුන්ගේ සුදුසුකම් ලත් උපාධියට පූර්ණ කාලීනව ලියාපදිංචි විය යුතු බවයි දැනුම් දෙන්නේ.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ දෙවන උපාධියක් ආරම්භ කරන අයදුම්කරුවන්ට ද මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබෙන්නේ නැහැ.

2003 උසස් අධ්‍යාපන ආධාර පනතේ නිර්වචනය කර ඇති පරිදි අයදුම්කරුවන් ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු විය යුතු අතර පිළිගත් පදනම් ආයතනයක මුලික පාඨමාලාවක් සිදු කර තිබීම අනිවාර්යයයි.

අයදුම්කරුවන්ට www.sydney.edu.au/scholarships යන වෙබ් අඩවිවට පිවිසිමේන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ මේ සඳහා ජාත්‍යන්තර සිසුන්ට අයදුම් කල හැකියි.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »