ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

එසේම අඩු වයස් දරුවන් රැකියා සඳහා යොමු කරන දෙමාපියන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බවයි ප්‍රාන්ත රජය පවසා ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළඳසැල් 80කට වැඩි ප්‍රමාණයක බලපත්‍ර නොමැතිව දරුවන් සේවයේ යොදවා ගෙන ඇතැයි පැවසෙන අතර එම වෙළඳසැල්වලට එරෙහි නීතිය තදින් ක්‍රියාත්මක වනු ඇති.

වැටලීම්වලදී මෙල්බර්න්හි නිරිතදිග ප්‍රදේශයේ වෙළඳසැලක බලපත්‍රයක් නොමැතිව වයස අවුරුදු 15ට අඩු දරුවෙකු සේවයේ යොදවා ඇති බව සොයාගෙන තිබුණා.

වහාම එම දරුවාගේ වැඩ නතර කළ යුතු බවට ව්‍යාපාරයට අනතුරු අඟවා තිබුණ ද එම වෙළඳසැළ විසින්ම පසුව තවත් දරුවෙකු බලපත්‍රයක් නොමැතිව සේවයේ යොදවා ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙලෙස අවස්ථා දෙකකදී ළමා ශ්‍රමිකයින් යොදවා ගැනීමේ චෝදනාව මත වෙළඳසැලට එරෙහිව නඩු පැවරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වැරදි හතක් සම්බන්ධයෙන් අදාළ වෙළඳසැලට එරෙහි නඩු පවරා ඇති අතර ඉදිරියේ දී ප්‍රාන්තය පුරා වෙළඳසැල් ආවරණය වන පරිදි ළමා ශ්‍රමිකයින් පිළිබඳ සොයා බලන බවයි ප්‍රාන්ත රජය අවධාරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »