ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ දී අදාළ සුදුසුකම් සහිත අධ්‍යාපනවේදී උපාධි අපේක්ෂකයි 5000ක් හට ශිෂ්‍යත්ව හිමිවන අතර ඒ සදහා ඩොලර් මිලියන 160ක ප්‍රතිපාදන වෙන් වනු ඇති.

උපාධි අපේක්ෂකයින්ට ලබන සඳුදා දින සිට ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

2023 වසරේ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා සඳහා ඉල්ලූම් කර ඇති පිරිස සියයට 20කින් පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

වසර 4ක උපාධි කාලසීමාව අවසන් වන තුරු අදාළ ප්‍රතිලාභ හිමිවන අතර වසර 4 අවසානයේ පශ්චාත් උපාධිය සඳහා ද ඩොලර් විසිදහසක ශිෂ්‍යත්වයක් හිමිකර ගැනීමට විද්‍යාර්ථයින්ට හැකියාව ලැබීම විශේෂත්වයක්.

මේ අතර ශිෂ්‍යත්වලාභීන් අවම වශයෙන් වසර 4ක් රජයේ පාසැල්වල හෝ පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානවල සේවය සඳහා කැපවීම අනිවාර්ය වනවා.

අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් අවධාරණය කළේ ගුරු හිඟය විසදීම සඳහා නව ශිෂ්‍යත්ව ක්‍රමය උපකාරී වන අතර ලොව පවතින උතුම්ම වෘත්තිය රැකගැනීම තම රජයේ අරමුණ බවයි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »