Search

නවසීලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

නවසීලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙලින්ටන් හි නේවාසික දූත මණ්ඩලයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයෙන් පසුවයි මෙම සැලසුම් ඉදිරිපත් කර ඇත්තේ.

මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමට අදාළ කටයුතුවලට සහභාගී වීමට විදේශ අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් ප්‍රමුඛ නියෝජිත පිරිසක් ලබන 22 වනදා සිට 25 වනදා දක්වා නවසීලන්තයේ සංචාරයක නිරත වනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලාංකික දූත පිරිස නවසීලන්තයේ විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනෙකුත් අදාළ ආයතන සහ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡාවලට එක්වීමට ද නියමිතයි.

නවසීලන්තයේ සැලකිය යුතු ශ්‍රී ලාංකීය විදේශගත ප්‍රජාවක් සිටින අතර ඔවුන් වැඩි වශයෙන් වෘත්තිකයන් සහ සිසුන්ගෙන් සමන්විත වනවා.

නේවාසික දූත මණ්ඩලයක් විවෘත කිරීම මගින් එම ප්‍රජාව වෙත ළඟා වීමට සහ වෙළඳ, අධ්‍යාපනය, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල ශක්තිමත් සහයෝගීතාවයක් ඇති කර ගැනීමට හැකිවන බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

නවසීලන්තය 2021 වසරේදී ශ්‍රී ලංකාවේ නේවාසික දූත මණ්ඩලයක් විවෘත කරන ලද අතර එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් ලෙසට සැලකෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »