Search

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

මෙය කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු මෙතෙක් වාර්තා වී ඇති දීර්ඝතම ආසාදිත කාලය ලෙසටයි සැලකෙන්නේ.

නෙදර්ලන්තයේ 72 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස COVID-19 වෛරසය අසාධනය වී ඇති අතර ඔහු 2022 වසරේ පෙබරවාරි මාසයේදී ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබුණේ කොවිඩ් හි ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන්.

දිගු කලක් වෛරසයට ආසාදනය වී සිටි ඔහුගේ ශරීරය තුළ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් නිර්මාණය වී තිබී ඇති බවයි පැවසෙන්නේ.

බොහෝ දෙනෙකුට දින හෝ සති කිහිපයකින් වෛරස අසාදනයෙන් සුවය ලැබීමට හැකි අතර මෙම 72 හැවිරිදි පුද්ගලයාට පැවති දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය හේතුවෙන් අවසානයේ මරණයට පත්වී තිබෙනවා.

විද්‍යාඥයින්ට අනුව ඔහුගේ සිරුරේ වෛරසය 50 වතාවක් පමණ විකෘති වූ අතර අවසානයේ අතිශය විකෘති ප්‍රභේදයක් බිහි වී ඇති බවයි පැවසෙන්නේ.

කොවිඩ් එන්නත් කිහිපයක් ලබාගෙන සිටි ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පරීක්ෂා කිරීමේදී ප්‍රතිදේහවල ප්‍රතිචාරය අඩු බවට හෙළිවූ අතර ප්‍රතිදේහ ප්‍රතිකාරවලට ද ප්‍රතිචාර දක්වා නැහැ.

මෙම නෙදර්ලන්ත ජාතිකයාගේ සිරුරේ වර්ධනය වජ් විකෘති වූ කොවිඩ් ප්‍රභේදය වෙනත් කිසිවෙකුට සම්ප්‍රේෂණය නොවූ බව වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.

මෙම සිදුවීමට පෙර දීර්ඝතම කොවිඩ් ආසාදනය ලෙස එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් වාර්තා කර තිබුණේ මාස 16ක් හෝ දින 505ක් පමණ කාලයක් සුව නොවී සිටි රෝගීන් කිහිප දෙනෙකු පමණයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »