සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය සති අන්තයේ සිදුවූ පිහි ඇනුමෙන් පසු ඊයේ වෙළඳසැල් විවෘත කිරීමෙන් අනතුරුවයි කාර්මික සබඳතා පිළිබඳ අමාත්‍යවරයා විසින් ප්‍රජාවට නැවත නැගී සිටීමට උපකාර කිරීමට සැලසුම් කර ඇති ක්‍රියාමාර්ග නිවේදනය කළේ.

ඒ යටතේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාවිසින් සේවකයින් 200කට වඩා අඩු ව්‍යාපාර සඳහා මනෝවිද්‍යාත්මක සෞඛ්‍ය සහ ආරක්‍ෂිත සහය සඳහා වැඩසටහනක් හඳුන්වා දීමට නියමිතයි.

එමෙන්ම සාප්පු සංකීර්ණ සේවකයින් සිටින මානසික මට්ටම තේරුම් ගෙන ඔවුන්ට සංවේදී වන ලෙසටයි සාප්පු සවාරියේ පැමිණෙන්නන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

සෑම කෙනෙකුම මෙම අවස්ථාවන්ට විවිධ ආකාරවලින් ප්‍රතිචාර දක්වන අතර ඇතැම් සේවකයන්ට නැවත රැකියාවට යාම දුෂ්කර විය හැකි බව ද බලධාරීන් පෙන්වා දෙනවා.

එමෙන්ම ඕනෑම වන්දි හිමිකමක් කඩිනමින් සහ අදාළ සිදුවීමට අනුව සංවේදීව ලබාදීම වෙනුවෙන් කටයුතු කිරීම සහතික කිරීම සඳහා ඇමතිවරයා ලබන සඳුදා ප්‍රධාන රක්ෂණකරුවන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ව්‍යාපාරවලට බාධා සිදුවීම හමුවේ සේවකයෙකුට ඇති වන මානසික ගැටලු මෙන්ම රැකියාව අතර සිදු වූ තුවාලයක් හේතුවෙන් රක්‍ෂණ ඉල්ලීම් සිදු කළ හැකි අතර කම්කරුවන්ට කම්කරු වන්දි හිමිකම් ඉල්ලීම් කිරීමට ද හිමිකම් ඇති බව සඳහන්.

මානසික සෞඛ්‍ය උපදේශකයින් ද බොහෝ දුරට බොන්ඩායි ජන්ෂන්හි පුද්ගලිකව රැඳී සිටින අතර එය ජනතාවට අවශ්‍ය තාක් කල් දිගටම පවතිනු ඇති බවයි රජය සඳහන් කළේ.

මීට අමතරව සාප්පු මධ්‍යස්ථානයේ සියලුම කුලී වෙළඳුන්ගෙන් පසුගිය සතියේ කුලිය ලබා නොගැනීමට ද තීරණය කර ඇති බව ඊයේ නිවේදනය කෙරුණා.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »