රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ අවදානමක් නොමැති නම් ආරක්ෂිතව ඉවත් වන ලෙසටයි.

ඊශ්‍රායලයට මෙන්ම කලාපය පුරා ත්‍රස්තවාදී ප්‍රහාරවල ඉහළ තර්ජනයක් පවතින බවයි දෙපාර්තමේන්තුව යාවත්කාලින කරන ලද සංචාරක උපදෙස්වල සඳහන් කර ඇත්තේ.

ඊශ්‍රායලයට යාම සම්බන්ධ තීරණ නැවත සලකා බලන ලෙස විදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනටමත් ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස් දී ඇති අතර නැගෙනහිර ජෙරුසලමෙන් ඔබ්බට ගාසා තීරය හෝ බටහිර ඉවුර අසලින් ගමන් නොකරන ලෙසට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම මිලිටරි ප්‍රහාර හමුවේ ගුවන් අවකාශය වසා දැමීම ඇතුළු බාධා ඇති කළ හැකි අතර ආරක්‍ෂක ගැටළු හේතුවෙන් ටෙල් අවිව්හි බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඕනෑම වේලාවක කෙටි දැනුම්දීමකින් මෙහෙයුම් නතර කළ හැකි බව ද රජය දැනුම් දෙනවා.

ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය සහ ලෙබනනයට ගමන් නොකරන ලෙසට වඩාත් ප්‍රබල අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක අතර කලාපීය ආතතීන් ඉහළ මට්ටමක පවතින බැවින් ආරක්ෂක තත්ත්වය දැනුම් දීමකින් තොරව ඉක්මනින් වෙනස් විය හැකි බවයි පැවසෙන්නේ.

පූර්වාරක්ෂාව ලෙස ටෙල් අවිව්, ජෙරුසලම, රමල්ලා සහ ටෙහෙරාන් යන නගරවලින් පිටව නොයන ලෙස ඔස්ට්‍රේලියානු රජයේ නිලධාරීන්ට ද උපදෙස් දී තිබෙනවා.

පවතින තත්වය හමුවේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ ද්වාරය හරහා තම පදිංචි ස්ථානය ලියාපදිංචි කර නිලධාරීන් සමඟ සම්බන්ධව සිටිය හැකියි.

මෙල්බන් අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »