Search

ඔස්ට්‍රේලියාවේ සැත්කමක් කර ගන්න යන අයටත් ගැටලුවක්

ඔස්ට්‍රේලියාව තුළ ශල්‍ය කර්ම සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමේ කාලය දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

2003 වසර වන විට රෝගියෙකු සැත්කමක් සඳහා දින 21ක් රැඳී සිටීමට සිදුවූ අතර වර්තමානයේ අවම වශයෙන් දින49ක් රැඳී සිටීමට සිදුවනු ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ශල්‍යකර්මවල පසුබෑම විසඳීම සඳහා ජාතික සැලැස්මක් වෙනුවෙන් ඩොලර් බිලියන 4.12ක් ආයෝජනය කරන ලෙස ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් ද කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ජනගහණයට සාපේක්ෂව රජයේ රෝහල් සදහා ඇතැම් අංශයන්හි ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට ද අධ්‍යනයේදී හඳුනා ගෙන තිබෙනවා.

එනම් ශල්‍යකර්ම සදහා අපේක්ෂාවෙන් සිටින රෝගීන්ට රෝහල් ඇඳන් නොමැතිකමද විශාල ගැටලුවක් වී ඇති බව සඳහන්.

පසුගිය වසරේ ෆෙඩරල් රජය විසින් රෝහල් අරමුදල් ගිවිසුමට සැලකිය යුතු අරමුදල් ඉහළ නැංවීමක් ප්‍රකාශයට පත් කළද එම සැළසුම් නිසියාකාරව ක්‍රියාත්මක වී නැහැ.

තවදුරටත් ප්‍රමාද නොකර එම ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ කෙරෙහි ලබා දෙන ලෙස සෞඛ්‍ය සංගම් ෆෙඩරල් රජයෙන් ඉල්ලා තිබෙනවා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »