
6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු බොන්ඩායි ජන්ෂන්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද නැවත විවෘත කෙරුණා.
පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් වෙළඳසල් හිමියන් ඉල්ලා ඇත්තේ පසුගියදා සිදු වූ අමානුෂික ප්‍රහාරය හේතුවෙන් කම්පනයට පත්ව සිටින සේවකයින්ට සංවේදී වන ලෙසටයි.
40 හැවිරිදි ජොයෙල් කවුචිගේ ප්‍රහාරයෙන් පසු පසුගිය සෙනසුරාදා සිට ඊයේ දක්වා වෙළඳ සංකීර්ණය වසා තැබුණා.

අගමැති ඇන්තනි ඇල්බනිස් විසින් තබන ලද මල් කළඹක් මෙන්ම විපක්ෂ නායක පීටර් ඩට්න්ගේ මල් සහ පණිවිඩයක් ඇතුළුව වෙළඳ සංකීර්ණයෙන් පිටත මල් සහ උපහාර පණිවුඩ රැසක් පවතිනවා.
විපතට පත්වූවන්ට ශෝකය පළ කිරීමේ දිනයක් ලෙස මධ්‍යස්ථානය ඊයේ විවෘත කරන ලද අතර, මහජනතාවට තම ගෞරවය දැක්වීමට අවසර දී තිබුණා.

අද එහි සාමාන්‍ය වෙළඳ කටයුතු නැවත ආරම්භ කර ඇති අතර පෙරවරු 9.30 සිට සවස 6 දක්වා ගනුදෙනු සිදු කෙරෙනු ඇති.
ප්‍රදේශයේ ආරක්ෂාවට අමතර පොලිස් භටයන් ඇතුළුව වැඩි නිලධාරීන් ද පිරිසක් යොදවා තිබෙනවා.