නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව නාසා ආයතනය මගින් සිදුකරන අඟහරු මෙහෙයුමට අදාළ කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකර ද ඇතුළත් කර ඇති බවයි නාසා ආයතනය නිවේදනය කර ඇත්තේ.

NASA වෙබ් අඩවියේ පළ කර ඇති පරිදි මේ සඳහා, ජේසන් ලී (Jason Lee),ස්ටෙෆනි නවාරෝ (Stephenie Navarro), ශාරීෆ් අල් රොමායිති (Shareef Al Romaithi) මෙන් ම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පියුමි විජේසේකර (Piyumi Wijesekara) සුදුසුකම් ලබා තිබෙනවා.

හුදකලාව සමඟ ගැටෙමින් පෘථිවියෙන් දුරස්ථව කටයුතු කිරීමට මිනිසා හැඩගැසෙන්නේ කෙසේ ද යන්න වැඩසටහන මඟින් අධ්‍යයනය කෙරෙන අතර සඳ, අඟහරු සහ වෙනත් අකාශ වස්තූන් වෙතට සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අනාගත මෙහෙයුම් සඳහා මෙමඟින් ලබා ගැනෙන අත්දැකීම් ඉවහල් වන බව නාසා ආයතනය සඳහන් කළා.

NASA ආයතනයට අයත්, හූස්ටන්හි, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනා ඇති අඟහරු ග්‍රහයාට සමාන පරිසරයේ දින 45ක් හුදකලා වීමට කැමැති සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා අයදුම් භාර ගන්නා බව නාසා ආයතය මීට පෙර නිවේදනය කර තිබුණා.

මෙහෙයුම සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් අතුරෙන් සුදුසු ම පුද්ගලයන් සිව් දෙනා තොරා ගැනීමට NASA ආයතනය කටයුතු කර තිබු අතර ඔවුන්ගේ නම් නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ පසුගිය 15 වනදායි.

ව්‍යාපෘති කණ්ඩායමේ සාමාජිකාවක වීමට වරම් ලබා ඇති පියුමි විජේසේකර, NASA ආයතනයට ම අයත්, සිලිකන් නිම්නයේ පිහිටා ඇතිඒමස් රිසර්ච් සෙන්ටර් හි (Ames Research Center) විකිරණ ජෛවභෞතික විද්‍යා පර්යේෂණාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරනවා.

ඇය සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ද, පීටර්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »