
මෙටා සමාගම සතුව ඇති WhatsApp වෙත නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව WhatsApp පරිශීලකයින්ට හට Chat Filter කිරීමේ හැකියාවක් මෙමගින් ලැබෙනු ඇති.
මේවා විවිධ නිර්ණායක යටතේ පරිශීලකයින්ගේ Chat ලැයිස්තුව filter කරනු ලබන බව සඳහන්.

මෙහිදී WhatsApp පරිශීලකයින්ගේ chat ලැයිස්තුවේ ඉහලින් නව filters දිස්වන අතර මෙමගින් පණිවුඩ සඳහන් chat සොයා ගැනීම පහසු කෙරෙනු ඇති.
නව filters ලෙස දැක්වෙන්නේ All, Unread සහ Groups යන අංශ කිහිපයයි.

නව විශේෂාංගය පසුගිය 16 වනදා ආරම්භ කළ අතර ඉදිරි සතිවලදී සියලුම WhatsApp පරිශීලකයින්ට මෙම නව අංග වෙත ප්‍රවේශවීමේ හැකියාව ලැබෙන බව සඳහන්.