ඉන්දුනීසියාවේ ගිනි කන්දක සක්‍රිය වීම නිසා සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ ගිනි කන්දක විශාල පිපිරීම් කිහිපයක් ඇති වීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ගිනි කන්ද අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් 11,000 කට වැඩි පිරිසකට වහාම ඉවත්වන ලෙසටයි බලධාරීන් දැනුම් දී ඇත්තේ.

ඉන්දුනීසියානු බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේ රුආන්ග් ගිනි කන්දේ පිපිරීම් හේතුවෙන් මීටර් දහස් ගණනක් උසට අළු නිකුත් වීමත් සමගයි.

සුලවේසි දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගිනිකන්දේ පසුගිය පැය 24 තුළ අවම වශයෙන් විශාල පිපිරීම් පහක් සිදුවූ බව ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ කම්පන ආපදා මධ්‍යස්ථානය පවසනවා.

බලධාරීන් ගිනිකඳු අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට ගෙන ගොස් ඇතැයි ද සඳහන්.

මිලියන 270ක ජනතාවකින් යුත් දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කඳු 120 ක් පවතින අතර ඒවා ගිනිකඳු සහ භූ කම්පන ක්‍රියාකාරකම්වලට නිරන්තරයෙන් ගොදුරු වනවා.

බලධාරීන් සංචාරකයින් සහ අනෙකුත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ මීටර් 725ක් උසැති රූආන්ග් ගිනි කන්දේ සිට අවම වශයෙන් කිලෝමීටර් 6ක්වත් දුරකින් රැඳී සිටින ලෙසයි.

1871 වසරේදී මෙම ගිනි කන්ද පුපුරා ගිය ආකාරයෙන් එහි කොටසක් මුහුදට කඩා වැටී සුනාමියක් ඇති විය හැකි බවට නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පැවසුවේ ගිනි කන්ද ආසන්නයේ නිවැසියන් සුලවේසි දූපතේ ආසන්නතම නගරය වන මැනඩෝ වෙත පිටත් කර යවා ඇති බවයි.

2018 වසරේදී ඉන්දුනීසියාවේ අනක් ක්‍රකතෝවා ගිනි කන්ද පුපුරා යාමෙන් සුමාත්‍රා සහ ජාවා වෙරළ තීරයේ සුනාමියක් ඇති වූ අතර එම අනතුරින් පුද්ගලයන් 430 දෙනෙකු මරණයට පත්වුණා.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »