දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

හඬ පටයක් නිකුත් කරමින් ප්‍රහාරකයාට ප්‍රසිද්ධියේ සමාව දුන් උන් වහන්සේ තම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව සිටින ලෙසටයි.

සඳුදා රාත්‍රියේ සිඩ්නි දේවස්ථානයකදී ප්‍රහාරයට ලක්වූ මාරි එම්මානුවෙල් රදගුරුතුමා ප්‍රහාරය ගැන සහ ඔහුගේ සුවය පිළිබඳ මෙම හඬ පටන් අදහස් දක්වා තිබෙනවා.

බිෂොප්වරයා පවසන්නේ තමාට පහර දුන් තැනැත්තාට සමාව දෙන අතර ශල්‍යකර්මයකට භාජනය වූ තමා හොඳින් සිටින බවයි.

පහරදීම සම්බන්ධයෙන් 16 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත බලධාරීන් මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී සිදුවීමක් ලෙසට හඳුන්වා දෙමින් විමර්ශන සිදු කරන අතර රදගුරුතුමන් පැවසුවේ මෙම ක්‍රියාව කවුරුන් කළත් තමා සමාව දෙන බවයි.

මේ අතර දේවස්ථානයෙන් පිටත ඇති වූ කලහකාරී සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 51 දෙනෙකු තුවාල ලබා ඇතැයි ප්‍රාන්ත පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පවසනවා.

ප්‍රහාරය එල්ල කළ බව කියන සැකකරු තවමත් රෝහල්ගතව සිටින අතර ඔහුගෙන් මෙතෙක් ප්‍රකාශ ලබාගෙන නොමැති බවයි පොලිස් කොමසාරිස්වරිය සඳහන් කළේ.

කැරලිකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය ද ඉල්ලා සිටිනවා.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »