පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

මියගිය සහ තුවාල ලැබුවන් සිහි කිරීමේ දිනයක් ලෙසට අද වෙළඳ සංකීර්ණය විවෘත කෙරුණ ද ගනුදෙනු කිසිවක් සිදු කෙරෙන්නේ නැහැ.

මේ අතර වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණ හිමිකරුවන් සඳහන් කළේ මෙම කණගාටුදායක සිදුවීම හේතුවෙන් පසුගිය 13 වනදා සිට හෙට දිනය දක්වා එහි වෙළඳ සැල් හිමියන්ගෙන් කුලී මුදල් අය නොකරන බවයි.

විපතට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ සාමාන්‍ය ජනතාවට මධ්‍යස්ථානය නැරඹීමට මෙන්ම මියගිය අයට ඔවුන්ගේ ගෞරවය දැක්වීමට අද අවස්ථාව ලබාදී තිබෙනවා.

පසුගිය සෙනසුරාද 40 හැවිරිදි ජොඑල් කවුචි නම් පුද්ගලයෙකු කළ පිහි ඇනුමෙන් කාන්තාවන් 5 දෙනෙකු ඇතුලු පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය අතර තවත් 12 දෙනෙකු රෝහල් ගත කෙරුණා.

වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානය වැඩි ආරක්‍ෂාවක් සහිතව හෙට සිට වෙළඳාම සඳහා නැවත ආරම්භ කිරීමට නියමිතයි.

කාන්තා හිංසන ගැන කතා කරන විශේෂ කැබිනට් රැස්වීම අද

ඔස්ට්‍රේලියාවේ දැඩි කතා බහකට ලක්වී ඇති කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.

Read More »

යාචකයන් නිසා ජාත්‍යන්තර සමුලුවක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2025 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ අන්තර්ජාතික වාර්ෂික සමුළුව එහි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Read More »

සිඩ්නි උද්‍යානයක තවත් පිහි ඇනුමක්

සිඩ්නි හෙබර්ෂාම් ප්‍රදේශයේ උද්‍යානයක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෑත කාලීන ඔස්ට්‍රේලියානු ළදරුවන්ට නම් තියන හැටි අධ්‍යයනයකින් හෙළිවෙයි

අලුත උපන් ඔස්ට්‍රේලියානු ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාඛ නාම, විවිධ වර්ණ සහ මැණික් වර්ගවල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »