ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

ගත වූ දින දෙකක විනිමය අනුපාතික චලිතයන් අනුවයි මෙම තත්වය නිරීක්ෂණය වන්නේ.

පසුගිය 15 වනදා වන විට ඩොලරය රුපියල් 298.49ක් දක්වා පහළ වැටුණු අතර එය 2023 වසරේ ජූනි 12 මස වනදායින් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ පහළම රුපියල් අගය ලෙසටයි සැලකෙන්නේ.

පසුගිය අඟහරුවාදා එම අගය රුපියල් 298.90ක් දක්වාත් ඊයේ දිනයේ දී රුපියල් 299.82ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහන පෙන්වා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 වසරේ මුල් කාර්තුව තුළ දී ඩොලරයේ අනිසි විචලනයන් පාලනය සඳහා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළ තුළට වැඩි වශයෙන් මැදිහත් වූ බවයි.

එහිදී මාර්තු මාසය තුළ දී පමණක් ඩොලර් මිලියන 715.1ක් දේශීයව ඇති විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබූ අතර 2024 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 248.5ක් මිල දී ගැනීමටත් ඩොලර් මිලියන 9ක් විකිණීමටත් කටයුතු කර තිබුණා.

2024 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 245.3ක් මහ බැංකුව මිල දී ගෙන තිබුණු අතර ඒ අනුව 2024 මුල් කාර්තුව තුළ දී පමණක් ඩොලර් මිලියන 1,199.9ක් ශුද්ධ වශයෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව ක්‍රියා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 වසරේ අප්‍රේල් 10 වනදා දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8.5කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.80ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 305.19ක් ලෙසත් සටහන් වුණා.

පෙරේදා දිනයේ දී මෙම අගයයන් වාර්තා වූයේ ගැනුම් මිල රුපියල් 294.20ක් සහ විකුණුම් මිල රුපියල් 303.54ක් ලෙසින්.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »