මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

පසුගිය 13 වනදා මෙල්බන්හිදී පැවති තරඟාවලියේදී Men`s physique Novices අංශයෙන් පළමු ස්ථානයත් True Novices අංශයේ ප්‍රථම ස්ථානය මෙන්ම විවෘත අංශයේ 3 වන ස්ථානයත් හිමි වූයේ ලක්රුවන් බණ්ඩාරටයි.

IFBB Professional League Australia තරගාවලිය ආධුනික නවක සහ විවෘත කාණ්ඩ වැනි අංශ කිහිපයක් යටතේ මෙම තරඟ පැවැත්වුණා.

ලබන මැයි මස 4 වනදා ආරම්භ වන IFBB Professional League Australia තරගාවලියේ ජාතික ශූරතාවලියට ද සහභාගී වීමට සූදානමිනුයි ලක්රුවන් බණ්ඩාර පසුවන්නේ.

2018 වසරේ නොවැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවට පැමිණි 27 හැවිරිදි ලක්රුවන් 2015 වසරේ සිට ශ්‍රී ලංකාව තුලදීත් කාය වර්ධන ක්ෂේත්‍රයේ නියැලී සිටි අයෙක්.

ජයසුන්දර බණ්ඩාර යටතේ පුහුණුව ලබන ඔහු ශ්‍රී ලංකාවේදීත් අවස්ථා කිහිපයකදීම කාය වර්ධන තරගවලට ඉදිරිපත් වී තිබෙනවා.

2016 වසරේ මධ්‍යම පළාතේ පැවති තරගවලින් මෙන්ම 2017 වසරේ Mr. Sri Lanka Junior තරගාවලියෙන් ද ඔහු සම්මාන ලැබුවා.

ඔස්ට්‍රේලියාවේ සිට තවමත් අධ්‍යාපනය හදාරන ලක්රුවන් බණ්ඩාරගේ අරමුණ වී ඇත්තේ පෞද්ගලික උපදේශකයෙකු ලෙස කාය වර්ධන වෘත්තියේ නිරත වී ශ්‍රී ලංකාවේ කාය වර්ධන ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමයි.

යාචකයන් නිසා ජාත්‍යන්තර සමුලුවක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2025 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ අන්තර්ජාතික වාර්ෂික සමුළුව එහි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Read More »

සිඩ්නි උද්‍යානයක තවත් පිහි ඇනුමක්

සිඩ්නි හෙබර්ෂාම් ප්‍රදේශයේ උද්‍යානයක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෑත කාලීන ඔස්ට්‍රේලියානු ළදරුවන්ට නම් තියන හැටි අධ්‍යයනයකින් හෙළිවෙයි

අලුත උපන් ඔස්ට්‍රේලියානු ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාඛ නාම, විවිධ වර්ණ සහ මැණික් වර්ගවල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීමෙන් සුනාමි අවදානමක්

ඉන්දුනීසියාවේ රුආන්ග් ගිනිකන්ද යළිත් පුපුරා යාමත් සමඟ සුනාමි අවදානමක් හේතුවෙන් 12,000ක් පමණ ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

Read More »