බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෑත වසරවලදී බාලි සිට ආපසු පැමිණෙන පුද්ගලයින් තුල ඩෙංගු ආසාදනවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

නොවැම්බර් සිට අප්‍රේල් දක්වා පවතින වැසි සමයේදී එම ප්‍රදේශයේ ඩෙංගු උණ බහුලව දක්නට ලැබෙන බව විදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඩෙංගු රෝගය වැළැක්විය හැකි හොඳම ක්‍රමය මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකී සිටීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන් තම ඉන්දුනීසියා සංචාරය සැලසුම් කිරීමට පෙර බෝවන රෝග සහ ඩෙංගු පිළිබඳ උපදෙස් පිළිබඳ දැනුවත් වන ලෙසට රජය සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු වෛරසය ඉන්දුනීසියාව, බාලි, ජකර්තා සහ අනෙකුත් ප්‍රධාන නගරවල දක්නට ලැබෙන අතර මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

ඩෙංගු අසාධානයේදී හදිසි උණ, හිසරදය, ඔක්කාරය සහ වමනය, දරුණු උදර වේදනාව, වේගවත් හුස්ම ගැනීම සහ අනපේක්ෂිත රුධිර වහනය වැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ බොහෝ ආසාදිතයන් සාමාන්‍යයෙන් සතියක් ඇතුළත සුවය ලැබුව ද ඇතැමුන්ට ඩෙංගු මාරාන්තික විය හැකි බවයි.

ඉන්දියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දුනීසියාව ලෝකයේ වඩාත්ම ඩෙංගු උණ බහුල රටවල් 30 අතර සිටින බවයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ තම පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ.

කාන්තා හිංසන ගැන කතා කරන විශේෂ කැබිනට් රැස්වීම අද

ඔස්ට්‍රේලියාවේ දැඩි කතා බහකට ලක්වී ඇති කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.

Read More »

යාචකයන් නිසා ජාත්‍යන්තර සමුලුවක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2025 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ අන්තර්ජාතික වාර්ෂික සමුළුව එහි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Read More »

සිඩ්නි උද්‍යානයක තවත් පිහි ඇනුමක්

සිඩ්නි හෙබර්ෂාම් ප්‍රදේශයේ උද්‍යානයක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෑත කාලීන ඔස්ට්‍රේලියානු ළදරුවන්ට නම් තියන හැටි අධ්‍යයනයකින් හෙළිවෙයි

අලුත උපන් ඔස්ට්‍රේලියානු ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාඛ නාම, විවිධ වර්ණ සහ මැණික් වර්ගවල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »