ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මාස පහකට පසු අවම අගයක් වාර්තා කර තිබෙනවා.
මේ හේතුවෙන් බැංකු පොලී අනුපාතිකය ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයින් අනාවැකි පළ කර තිබුණද පවතින පොලී අනුපාතිකය ඉහළ දැමීමේ කිසිදු සූදානමක් නොමැති බවයි ෆෙඩරල් සංචිත බැංකුව අවධාරණය කර ඇත්තේ.
ආර්ථික විද්‍යාඥ ඉවාන් ලූකාස් ටුඩේට පැවසුවේ ඉන්ධන මිල ඉහළ යෑම හා භූ දේශපාලනික තත්ත්වයන මත මෙලෙස ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීමට බලපෑම් කර ඇති බවයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය දිගටම පහත වැටේ නම්, ආනයනික භාණ්ඩය මිලදී ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අධික මිලක් වැය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
තවද ආනයනික භාණ්ඩවල මිල වැඩි වීම මෙරට උද්ධමනය වැඩිවීම කෙරෙහි සෘජුව බලපෑම් කරන බව ද සඳහන්.
අද වන විට ඔස්ට්‍රේලියානු ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 192.84 වන අතර ඇමරිකානු ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ රුපියල් 300.33ක් ලෙසයි.