පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සාප්පු සංකීර්ණය අද සිට විවෘත වුවද සාමාන්‍ය පරිදි වෙළඳ කටයුතු හෙට සිට (19) අදාළ වේලාවන් යටතේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

වෙස්ට්ෆීල්ඩ් හිමිකරු පැවසුවේ අද දින සාප්පු සංකීර්ණය විවෘත කළ ද කිසිදු වෙළඳ කටයුත්තක් සිදු නොකරන අතර මියගිය පුද්ගලයින් සදහා ගෞරව දැක්වීම පමණක් සිදුකිරීමට ප්‍රජාවට පැමිණිය හැකි බවයි.

මධ්‍යස්ථානය තුළ ප්‍රචාරණ කටයුතු මෙන්ම සංගීතමය ශබ්ද තාවකාලිකව නතර කරන බවට ද නිවේදනය කර තිබෙනවා.

මියගිය අය සදහා ගෞරවය දැක්වීමට සාප්පු සංකීර්ණය තුල ඔවුනගේ ඥාතීන් ඇතුලු පවුලේ අය සදහා අවශ්‍ය සෑම පහසුකමක්ම සලසා දෙන බවයි වෙස්ට්ෆීල්ඩ් හිමිකරු සඳහන් කර ඇත්තේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙක් මියගිය අතර මියගිය අය සිහි කිරීම සදහා ස්මාරකයක් නිර්මාණය කරන බව ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් සඳහන් කර තිබෙනවා.

මේ අතර බොන්ඩායි ජන්ෂන් හී සාප්පු සංකීර්ණයේ ආරක්ෂාව තර කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති අතර මෙවැනි අමානුෂික ඝාතනයන් යළි ප්‍රසිද්ධ අවකාශයේ සිදු වීමට අවස්ථාව ලබා නොදෙන බව ඔවුන් අවධාරණය කර තිබුණා.

සිඩ්නි නුවර දේවස්ථානයකදී එල්ල වූ පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණු අයිසැක් රොයෙල් පියතුමා සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

මාරි එම්මානුවෙල් බිෂොප්වරයා ලිවර්පූල් රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වාර්තා වන්නේ.

බිෂොප්වරයා අන්තර්ජාලය ඔස්සේ සජීවීව දේව මෙහෙයක් සිදු කරමින් සිටියදී පිහි ඇනුම සිදු වූ අතර 16 හැවිරිදි සැකකරු ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී පුජකවරයාගේ උරහිසට සහ අත්වලට තුවාල සිදු වී තිබුණා.

බිෂොප්වරයාට සහ පියතුමාට පහර දුන් බව කියන 16 හැවිරිදි තරුණයා හෙළි නොකළ ස්ථානයක පොලිස් ආරක්ෂාව යටතේ කැපුම් තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටින බව ප්‍රාන්ත පොලිස් කොමසාරිස්වරිය සඳහන් කළා.

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීමෙන් සුනාමි අවදානමක්

ඉන්දුනීසියාවේ රුආන්ග් ගිනිකන්ද යළිත් පුපුරා යාමත් සමඟ සුනාමි අවදානමක් හේතුවෙන් 12,000ක් පමණ ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

Read More »

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »