Search

වසර 75කින් වැටුණු දරුණු වැස්සෙන් ඩුබායි යටවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බලපෑ දරුණු කුණාටු තත්වයක් හේතුවෙන් ඩුබායි ගුවන් ගමන්වලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගල්ෆ් කලාපයට දැඩි බලපෑම් සිදුවී ඇති අතර, කලාපය පුරා හදිසි ගංවතුරක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ලෝකයේ කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස සැලකෙන ඩුබායි වෙත පැමිණි ගුවන් යානා රැසක් වෙනත් ගුවන් තොටුපල වෙත හරවා යැවුණා.

ගංවතුර හේතුවෙන් ඕමානයේ පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදේශ කිහිපයකට ලැබුණු වර්ෂාව වසරකට ආසන්න කාලයක් තුල ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනයට සමාන වූ බව කාලගුණ අංශ ප්‍රකාශ කළා.

අඟහරුවාදා උදෑසන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අබුඩාබි, ඩුබායි සහ සාජා ඇතුළු ප්‍රදේශ රැසක් සඳහා කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණා.

හදිසි කළමනාකරණය සඳහා වූ ජාතික කමිටුව පැවසුවේ ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනෙකු සෙවීමේ කටයුතු සිදු කරන බවයි.

වසර 75කට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වූ උපරිම වර්ෂාපතනය ලෙස මෙය සඳහන් වන අතර ලොව වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපොළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ද ජලගැලීම් සිදුව ඇති ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

මේ අතර එමිරේට්ස්, ෆ්ලයි ඩුබායි ඇතුළු ගුවන් සේවා රැසක් ඩුබායි වෙත මෙහෙයුම් තාවකාලිකව නවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම වර්ෂාපතනය හේතුවෙන් ඩුබායි ඇතුළු එමීර් රාජ්‍යයේ කලාප හතෙන්ම ජලගැලීම් වාර්තා වන අතර ලොව සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය ද අඩි හිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »