Search

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

සැකකාර කාන්තාව වෘත්තියෙන් හෙද නිලධාරිනියක් වන අතර ඇය ඉන්සියුලින් එන්නත් කර සැමියා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය පසුගිය 2021 වසරේ සිදුවී ඇති අතර බටහිර ඔස්ට්‍රේලියාවේ මිනීමැරීමට තැත් කිරීමේ උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා සිරගත කිරීමයි.

චෝදනා ලැබ සිටි කාන්තාව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකාරිය වී තිබෙනවා.

මේ වන විට 63 හැවිරිදි වියෙහි පසුවන සැකකාර කාන්තාව 2021 ජනවාරි මාසයේදී ඩිමෙන්ශියාවෙන් පෙළෙන තම ස්වාමිපුරුෂයා තමන් සේවය කළ රෝහලට ඇතුලත් කර ගැනීමෙන් පසු ඝාතනය කිරීමට උත්සාහ කළ බවට ජූරි සභාව විසින් සොයා ගෙන තිබුණා.

CCTV දත්ත අනුව සැකකාරිය එලෙස පුද්ගලයකු ඝාතනය කළ බවට තහවුරුවීමත් සමග ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට නියෝග කළා.

පැය අටකට වැඩි කාලයක් ජුරි සභාව සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව නියෝගය ලබා දී තිබෙනවා.

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »