තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

තරුණයින් දුම්පානයෙන් වැළක්වීම අරමුණු කරගත් දුම්වැටි තහනමක් සඳහා වූ බ්‍රිතාන්‍ය රජයේ සැලැස්මට අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂයේ විරෝධය නොතකා පාර්ලිමේන්තුවේදී සහාය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ප්‍රතිපත්තියක් වන මෙම පනත් කෙටුම්පතට අනුව 2009 වසරේ ජනවාරි 1 වෙනිදායින් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්කොළ නිෂ්පාදන විකිණීම නීති විරෝධී වනු ඇති.

මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් ලොව ඇති දැඩිම දුම්වැටි විරෝධී ක්‍රියාමාර්ග කිහිපයක් බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වීමට නියමිතයි.

එමෙන්ම එමගින් නූතන බ්‍රිතාන්‍යයේ පළමු දුම් රහිත පරම්පරාව නිර්මාණය කරන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

එංගලන්තයේ මිනිසුන්ට දුම්වැටි මිලදී ගත හැකි නීත්‍යානුකූල වයස මුළු ජනගහනයටම නීති විරෝධී වන තෙක් සෑම වසරකම එය වසරකින් වැඩි කරනු ලබනවා.

වරක් හාවිතා කර ඉවත දැමිය හැකි ඊ දුම්වැටි අලෙවිය තහනම් කිරීම සහ දරුවන් නිකොටින්වලට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා ඒවායේ රසයන් සීමා කිරීම වැනි මර්දනය ක්‍රියාමාර්ග ද පනත් කෙටුම්පතට ඇතුළත්.

එක්සත් රාජධානිය පුරා වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට දුම්වැටි හෝ දුම්කොළ නිෂ්පාදන මෙන්ම ඊ දුම්වැටි විකිණීම දැනටමත් නීති විරෝධී වනවා..

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »