Search

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 1003 දෙනෙකු යොදා ගනිමින් කළ සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ සියයට 58.9ක් කිසියම් හෝ ආකාරයකින් මාර්ග කෝපය අත්විඳ ඇති බවයි.

තවත් සියයට 23.2ක් එහි සෘජු වින්දිතයන් බවට පත්වී තිබෙනවා.

මාර්ග අවහිර වන ආකාරයෙන් වාහන නැවැත්වීම, මාර්ග සංඥා කඩ කිරීම, අධික ආලෝකයක් ඇති ප්‍රධාන විදුලි පහන් භාවිතය මෙන්ම මන්දගාමී ධාවනයක් සහිත රියදුරන් වැනි කුපිත කරවන හැසිරීම් මෙහිදී සැලකිල්ලට ගෙන ඇතැයි සඳහන්.

පැරණි පරම්පරාවන්ට වඩා තරුණ පරම්පරාවන් මාර්ග කෝපය අත්විඳීමට ඇති ඉඩකඩ වැඩි බවයි සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ.

කම්පෙයා ද මාර්කට් (Compare The Market) හි විධායක සාමාන්‍යාධිකාරී ඇඩ්‍රියන් ටේලර් පැවසුවේ අනතුරුදායක රිය පැදවීම ජීවිත අනතුරේ හෙළීමට පමණක් නොව රියදුරුගේ රක්ෂණ වාරික පිරිවැයට ද බලපාන බවයි.

රථ වාහන රක්ෂණයේදී අදාළ සමාගම් අවදානම තක්සේරු කිරීමට හැකි සියලු දත්ත භාවිතා කරන අතර රියදුරෙකුගේ ධාවනය සම්බන්ධයෙන් නරක වාර්තාවක් ඇත්නම් එමගින් රක්ෂණ වාරික ද වැඩි වනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මාර්ගයේදී ප්‍රකෝපකාරී හැසිරීමක් හමුවේ සිදු වන කිසියම් හෝ සිදුවීමකින් නීති විරෝධී හෝ භයානක දෙයක් කරන්නේ නම් එම රියදුරා සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන අතර ඔහුට ලැබිය යුතු රක්ෂණ හිමිකම් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ද අදාළ සමාගමට පවතිනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »